Naturista සන්නාමය දේශීය ඖෂධ පැළෑටි පිළිබඳ දැනුම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වටිනාකම, දියුණු තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන අගය එකතු කල නව Made in Sri Lanka හර්බල් සහ ආයුර්වේද නිෂ්පාදන ගෝලීය වෙළඳපොළ වෙත ගෙන යාමට කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයුර්වේද සන්නාමයක් බවට පත්වන්නේ එලෙසිනි. තවද දේශීය ආයුර්වේද ශාකයන්ට සහ ස්වභාවික පරිසරයට හානියක් නොවන ආකාරයට ක්‍රමානුකුලව දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය යොදා ගනිමින් GMP සහතික ලත් සහ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අවසරය ඇති නිෂ්පාදනාගාරයක් තුල නිෂ්පාදනය කරන නිෂ්පාදන අනර්ඝ සහ ආකර්ශනීය ඇසුරුම් සමග 100% ස්වභාවික ලෙස සහ ඉතා උසස් තත්වයෙන් පාරිභෝගිකයින් අතට ලබා දීමට වග වී සිටින්නෙමු.
Naturista හි අපි දැඩි ලෙස විශ්වාස කරන එක් දෙයක් නම්, ඉහළම පුද්ගලයින් පමණක් නොව, සෑම කෙනෙකුම සාර්ථකත්වයෙන් ලාභ ලැබිය යුතු බවයි. ඒ නිසා අපි සාධාරණ වෙළඳ සංකල්පයට කැපවී සිටිමු. ගමේ ගොවියාගේ සිට අවසානයේ බෙදාහරින්නා දක්වා ප්‍රතිලාභ සමාගමේ වර්ධනයට දායක වේ. ගොවීන්ගේ ප්‍රාදේශීය ප්‍රජාව ගොඩනැගීමට අපි විශේෂයෙන් කැපවී සිටිමු, ශ්‍රී ලාංකීය කෘෂි ප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් වෙමින් ඔවුනට සෘජුව ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසමින් නව රැකියා අවස්ථා ඇති කරමින් ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලාංකීය සමාජ ප්‍රජාවටම සවියක් වෙමින් ලාභයෙන් කොටසක් එම ප්‍රජාව ගොඩනැගීමට වෙන්කරමින් තිරසාර ගොවිතැන පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ සිට දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම දක්වා, අපි ඔවුන් සමඟ සෑම ආකාරයකින්ම සිටිමු.
ශ්‍රී ලංකාවේ ස්වභාවික වෘක්ෂලතා අනතුරට පත්වීමට එරෙහිව ආරක්ෂක පවුරක් වීම Naturista හි තවත් ඉලක්කයකි. අප කටයුතු කරන බොහෝ ශාක වනාන්තර විනාශය, තිරසාර නොවන ගොවිතැන් ක්‍රම සහ තවත් බොහෝ සාධක මගින් තර්ජනයට ලක්ව ඇත. අපගේ උත්සාහය වන්නේ දේශීය ප්‍රජාව දැනුවත් කිරීම, බාහිර දැනුවත්භාවය වැඩි කිරීම සහ සෘජු අධීක්ෂණය සහ මූල්‍ය නොවන මැදිහත්වීම මගින් අපගේ ස්වාභාවික වස්තු වලට එම තර්ජනය අවම කිරීමයි..
එසේම සමාජ සුභසාධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන “Naturista ප්‍රාණ සත්කාරය වැඩසටහන” යටතේ මාර්ගගත ක්‍රම උපොයෝගී කරගෙන පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඕනෑම සෞඛය ගැටලුවක් සඳහා කාල සීමාවකින් සහ සීමිත වාර ගණනකින් තොරව පුර්ණ කාලීනව නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මුළු මහත් ලෝක ප්‍රජාවටම අවස්ථාව සලසා ඇත. තවද අපි “Naturista ප්‍රාණ සත්කාරය වැඩසටහන” යටතේ Naturista ආයතනයේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිරන්තර දැනුවත් කිරීම් සහ මගපෙන්වීම් තුලින් ලෙඩ රෝග අවම නිරෝගිමත් සහ යහපත් ජිවන පුරුදු ඇති සමාජයක් බිහි කිරීම සඳහා කැපවී සිටින්නෙමු..